නීති කඩන රියදුරන්ට වැඩ වැරදි

0
363
මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් හෙට(23) සිට ඉදිරි සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
මේ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නිරීක්ෂණය කරනු ලබයි.
ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරී යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් මඟින් අදාළ වාහන නවතා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මෙම වැඩපිළිවෙල හෙට පෙරවරු 9.15ට නෙළුම් පොකුණ අසලදී පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
මෙය රථවාහන අනතුරු අවම කරමින් විනය ගරුක රියදුරන් බිහි කිරීමේ වැඩ පිළිවෙලෙහි තවත් එක් අංගයක් ලෙස පොලීසිය හඳුන්වනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here