Tuesday, September 17, 2024

නීති ශිෂ්‍යයාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් (වීඩියෝ)

පෑලියගොඩ පොලිස් ස්ථානයට සැකකරුවෙකු බැලීමට පැමිණි මිගාර ගුණරත්න නම් නීති ශිෂ්‍යයාට පහරදුන් පොලිස් නිලධාරීන් පිරිසගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ,“පෑලියගොඩ පොලිස් ස්ථානය ඇතුළේ තරුණයෙකුට පහරදීලා තියෙනවා. ඒ තරුණයාට තුවාල වෙලා තියෙනවා. ඒ ඡායාරූපත් සමාජගත වෙලා තියෙනවා. මම ඇමතිවරයා හැටියට පොලිස්පතිවරයාට නියෝග කළා වහාම අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් පවත්වන්න කියලා. පොලිස් ස්ථානයක් තුළදී ඒ වගේ පහරදීමක් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.” යනුවෙනි.

මිගාර ගුණරත්න නැමැති නීති ශිෂ්‍යයෙකුට ඊයේ (25) පෑලියගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී තිබුණි.

පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස්ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10ක් පමණ තමාට පහරදුන් බව ඒ මහතා පැවසීය.

මිගාර ගුණරත්න නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ මහතාගේ පුත්‍රයා ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles