නීතීඥවරිය බිය වැද්දීම රෙසිඩෙන්ෂල් ලොක්කගෙ වැඩක්

0
350

ඊයේ (07) නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නීතීඥවරියකට පිහියක් පෙන්වා මරණ තර්ජනකර පලායාමේ සිද්ධියට අදාළ නීතීඥවරිය සේවය කළ රෙසිඩෙන්ෂල් ලෑන්ඩ්ස් සමාගමේ ප්‍රධානියා සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි වාර්තා වේ.

ඒ ඇය සේවය කළ ඉඩම් කොටස්කර විකුණන හෝමාගම පිහිටි රෙසිඩෙන්ෂල් ලෑන්ඩ්ස් සමාගමේ කාර්යාලයෙන් ඇයට ලබාදී තිබූ මේස ලාච්චුවේ වූ විශේෂ ලියවිල්ලක් ගැනීමට ඇගේ ඥාතීන් පිරිසක් එහි යන විට අදාළ මේසය එම සමාගමේ හිමිකරු බව කියන ඉන්දික රොෂන් නැමැත්තා විසින් ගෙනගොස් තිබීම නිසාය.

මෙම නීතීඥවරිය ඊයේ ඔප්පුවක් ලිවීම සඳහා කොට්ටාව ප්‍රදේශයට යමින් සිටියදී අදාළ බිය වැද්දීම සිදු කර තිබූ අතර ඇය කොට්ටාවට යන බව දැන සිටියේ අදාළ සමාගමේ අයිතිකරු සහ සමාගමේ ගණකාධිකාරිවරයා පමණක් බව ද පොලිස්ය කළ පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

නීතිඥවරිය සමාගමේ ප්‍ර‍ධානියකුගෙන් ලද පිණිවුඩයක් මත ඊයේ උදෑසන ජම්බුගස්මුල්ල මාවතේ පදිංචි නිවසින් කොට්ටාව බලා යාමට පිටත්ව ඇති අතර ඒ මොහොතේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥවරිය මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබේ.

ඇයට ඔප්පුව ලිවීමට පැමිණෙන ලෙස ඇමතුම ලාබාදුන් පුද්ගලයා පෙරේදා දිනයේද හවස සමාගමට පැමිණෙන ලෙස ඇයට දන්වා ඇති අතර, අතරමගදී ආපසු හරවා යවා ඇත.

ඇමතිවරියකගේ ඥාතිවරියකට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කළ නීතිමය කටයුත්තක් මේ සිදුවීමට සම්බන්ධතාවයක් ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here