Friday, September 20, 2024

නීරෝ නම් අසහාය ස්නයිපර් වෙඩික්කරුවා

කෝප්‍රල් රංජිත් – NERO

මේ දවස් වල ගොඩක් දෙනා අතර කතාබහ යන Arimac ආයතනය විසින් වසර 4ක් මහන්සි වෙලා ලස්සන වීඩියො ගේම් එකක් එලිදක්වලා තියන නිසා.. මේ වෙනකොට Steam Store හරහා එම පරිඝණක ක්‍රීඩාව $ 19.99 වගෙ මුදලකට මිලදි ගන්න පුලුවන්.. ලංකාවෙ නිමැවු ගේම් එකක් විදියට හොදම ලෙවල් එකක මේ ගේම් එක තියන නිසා ගන්න හැමෝම මුදල් දීලම ගන්න නිසාත් Arimac ආයතනයෙ අනාගතය අපට ගොඩනගන්න පුලුවන් වේවි කියල හිතන්න පුළුවන්.

ඉතින් ඒ පරිගණක ක්‍රිඩාවට පාදක වෙච්ච වීරයා අපි හැමොම දන්නවා.ඔහු ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු නමින් වික්‍රමසිංහ ඉමිහාමිලාගෙ රංජිත් ප්‍රේමසිරි.. මොහු ඉපදෙන්නෙ 1968 වර්ශයේ ජූනි 2 ආණමඩුවෙ ,පල්ලම නම් ප්‍රදේශයේදියි

1991 පෙබරවාරි 23 වර්ශයේ වයස අවුරුදු 22දි යුද හමුදා ස්වෙච්ඡා බළසේනාවට බැඳුන අතර මාස දෙකකට පසුව එනම් අප්‍රේල් 9 වන දින ගජබා රෙජිමේන්තුවෙ 05 වන බල ඇනියේ සාමන්‍ය සෙබලෙකු වශයෙන් සේවයට බැඳෙනවා. ඉතින් තරුණ වයසේදිම රට වෙනුවෙන් ඔහු ඔහුගෙ රාජකාරිය ඉටු කල අතර වැඩි කල් යන්න මත්තෙන් විශේශකාර බලකායට බැඳුන අතර එයින් ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස තමන්ගෙ පුහුණුව ලබාගත් අතර එතැන් පටන් රංජිත්ව හැදින්වුවෙ නීරෝ යන නමින්.

ඉතින් එතැන් පටන් ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස තමන්ගෙ නාමය ලංකාව නෙමෙ මුලු ලෝකය පුරාම බබලවන්නට ඔහුට හැකියාව ලැබෙනවාලෝකයෙ සිටි ස්නයිපර් වෙඩික්කරුවන්ගෙ නාම ලැයිස්තුවෙ ඉහල තැනක් ඔහු හිමි කරගත්තෙ කොටි සතුරන් 217ක් මරු තුරුලට යවමිනුයි.

නීරෝගෙ අත්දැකිම් එක්වන්වාත් සමගම ඔහුට දින ගනනාවක් ඉවසලා ඉදල තමන්ගෙ ඉලක්කය සපුරාගැනිමට තරම් දස්කම් කියනවා.සමහර මිශන් වලදි ඔහු එකම තැන එක ඉරියව්වෙන් දින ගනනාවක් පවා ඉදලා තමන්ගෙ ඉලක්කය සපුරාගන තියනවා.ඉතින් ඔහු සැබවින්ම වීරයෙක්. මොකද කොටි ත්‍රස්තයන් නීරෝ ඉන්නව කියල ඉව වැටුන ගමන් ඒ ප්‍රදෙශයෙන් සතුරු නායකයන් පවා වෙනත් ස්ථාන වලට යනව ඒ තරමට නීරො කියන නමට කොටි බය උනා කිව්වොත් නිවැරදියි.

ඉතින් මෙි අසහාය වීරයා මිය ගියේද තමන්ගෙ කුරුමානමකට යමින් සිටියදි සතුරු පිලෙ සයිපර් වෙඩික්කරුවෙකුට හසු වීමෙනුයි. ඔහු 2009 වර්ශයේ අප්‍රේල් 28 පුදුමාතලන් ඉදිරි ආරක්ශක වලල්ලෙ මෙහෙයුමක සිටියදි උදෑසන 6.20ට එනම් ඉර නැගිමත් සමගම සතුරු ප්‍රහාරයට හසු වෙනවා.වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත් කලද වෙඩි වැඩි විනාඩි 55කට පසුව ඔහු සදහටම මෙලොවින් සමු ගන්නවා. මිය යන විටද පෙර මෙහෙයුමකදි වූ ආබාදයක් හේතුවෙන් නිවාඩු ලබා දී නිවස කරා පිටත් කලද සුව වීමට පෙරම නැවතත් හමුදා කඳවුර වෙත ගිය බවට පසු කලෙක නීරෝගේ මව ප්‍රකාශ කර ඇත..

ඒ වගේම මූලික බළකා , මූලික පැරෂුට් , සැඟවුණු ස්නයිපර් වෙඩික්කරු පාඨමාලාව සහ ප්‍රමුක වෙඩික්කරු උපදේශක වැනි ප්‍රමුඛ පෙලේ පාඨමාලාවන් කීපයක්ම මොහු විසින් ප්‍රගුණ කර ඇති අතර පූර්ණභූමි , රිවිරැස , උතුරු නැගනහිර සංග්‍රාමික , ස්වර්ණජයන්ති , දේශපුත්‍ර වගෙ වීර පදක්කම් සෑහෙන ප්‍රමාණයකින් පිදුම් ලබලත් තියනවා.

ඒ වගේම දරුවන් සිව් දෙනෙකුගෙ පියෙක් වූ අතර වැඩිමහල් පුතු දීවර රැකියාවක් කරගන යන අතර වික්‍රමසිංහ ඉමිහාමිලාගෙ ධනුශ්ක නිමේශ ප්‍රේමසිරි නම් නීරොගෙ දෙවෙනි පුතු මේ වන විට හමුදාවට සම්බන්ද වී ඇති අතර තාත්තගෙ අඩි පාරෙම යමින් සිටිනවා.

ඉති කෙදිනකවත් අමතක නොවෙන වීරයකු ලෙස නීරො නම් කරන්නට පුළුවන්.මොකද ලංකාවෙ පමණක් නොව ලෝකයෙම සිටින ස්නයිපර්වරුන්ගෙ ලිස්ට් එකෙ උඩම ඉන්න කෙනෙක් තමා නීරෝ කියන්නෙ.

උපුටා ගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles