නීලා වික්‍රමසිංහගේ දේහය දිවයිනට රැගෙන එයි

0
280

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය ඉතාලියේ මිලානෝ නුවර සිට ඊයේ (27) රාත්‍රියේදී දිවයිනට රැගෙන එනු ලැබුවා.

එම දේහය  ඊයේ (27) දින රාත්‍රී 08.05 ට තුර්කියේ ස්තාම්බුල් නුවර සිට මාලදිවයින මාලේ ඔස්සේ පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි . 

ඒ අනුව දේහය ඇයගේ නිවස පිහිටි කොළඹ – පැපිලියාන වෙත රැගෙන ගොස් ඇත.

අද (28)පස්වරුවේ සිට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමි වේ . කෙසේ වෙතත් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අන්තිම කැමැත්ත අනුව ඇය මරණයට පත්වූ පසු අවසන් ගෞරව සඳහා සිරුර මංජුසාවෙන් විවෘත නොකරන ලෙස ඉල්ලා ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු 29 සෙනසුරාදා බොරැල්ල කනත්තේදි සිදු කෙරේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා ඇය ඉතාලියේ මිලානෝ නුවර දී අභාවප්‍රාප්ත වූවාය

මියයන විට නීලා වික්‍රමසිංහ මහත්මිය 71 වන වියේ පසුවූවාය. 1967 වසරේදී පළමු ගීතය පටිගත කළ නීලා වික්‍රමසිංහ මහත්මිය, 1974  වසරේදී සංගීත විශාරද උපාධිය හිමිකරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here