නීෂා බිස්වාල් හෙට දිවයිනට

0
520

ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකි. ඔහුට විරුද්ධව අල්ලස් නඩුවකි.

ඔහුගේ බැංකු ගිණුමක් ගැන බැංකුව වික්ෂිප්ත වී සිටී. එය රහස් ගිණුමක්ලු. බැංකුව හිතුවේ එය පෞද්ගලික සමාගමක ගිණුමක් විය හැකි බවලු.

බැංකුවට කාරණේ වැටහුණේ කලක් ගතවුණාට පසුවලු. ඛනිජ ද්‍රව්‍යවලට ඔහුගේ ලොකු සම්බන්ධයක් තිබුණාලු. ඇතුළේ අය කියන්නේ ඔහු තම ජ්‍යෙෂ්ඨයා වෙනුවෙන් පෙනී සිටින බවලු. ඔහුගේ වත්කම් ඇත්තේ ලංකාවේ නොවේලු. ඔහු කලක් බලගතු පුද්ගලයකුව සිටියාලු. කෝකටත් තෛලයක් වගේලු. ගිය ආණ්ඩුව කාලේ දෙස් විදෙස් වැඩ සෝදිසි කිරීම ඔහුට බාරදී තිබුණාලු. එම කටයුතු අධීක්ෂණය කරන ගමන් ඔහු තවත් අධීක්ෂණයක් කළාලු. ඒ ඔහුගේ කලත්‍රයා යන එන තැන් සොයා දීමලු.

ඒකට ඔහු අධි තාක්ෂණයේ පිහිට පැතුවාලු. ඇගේ රියට අලුත් කෑල්ලක් හයි කළාලු. ආරක්ෂකයකුත් මේ බව දන්නවාලු. අධීක්ෂණ තොරතුරු දන්නේ අධීක්ෂකයාලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here