Sunday, December 29, 2024

‘නෙල්ලි කෝලා’ වෙළෙඳපොළට

‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීම ඉතා ඉහළින් ආදර්ශයට ගත යුත්තක් – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත් ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය ජනගත කිරීම මෙරට සෙසු ව්‍යවසායකයන්ට ගත හැකි බෙහෙවින් අගය කළ යුතු ආදර්ශයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.ඊයේ (22) පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.” මුදිත සමනක්කොඩි මැතිතුමා ‘නෙල්ලි කෝලා’ නැමැති පානය මෙරට වෙළඳපොළට පමණක් නොවෙයි අනාගතයේදී පිටරට වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙන නිපදවා ජනගත කරන අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා. ඕනෑම ජාතියක ඉරණම තීරණය කළ හැකි එක් ප්‍රබල සාධකයක් වන්නේ එම ජාතිය සතු ආහාර සංස්කෘතියයි. යුද්ධයකදී එකවර මරන්න පුළුවන් වගේම ජාතියක ආහාර සංස්කෘතිය වැරැද්දුවොත් එම ජාතිය ටික ටික මරන්න පුළුවන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles