නොමිලේ ගිලන් සේවය අද අරඹයි

0
428

ඉන්දියා රජයේ තෑග්ගක් ලෙස ශ්‍රි  ලංකාවට  ලැබුණු  ගිලන් රථ සේවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී රනිල් වික්‍රමසිංහ අගමැති හා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්   වයි.කේ. සිංහ ප්‍රධානත්වයෙන් අද (28) ඇරඹුහ.

ඉන්දියා රජය මෙම ගිලන් සේවය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 7.6 රුපියල් කෝටි 113 ක් යළි නොගෙවන ප්‍රදානයක් ලංකාවට  ලබා දෙයි. මෙම සේවය සඳහා වෛද්‍ය කාර්මික ශිල්පීහු 250 ක් ඉන්දියාවේ පුහුණුව ලබති.

ශ්‍රි ලාංකිකයන් 550 කට  අධික පිරිසකට රැකියා ද ලැබෙතියි කියති. මෙම ගිලන් රථ සේවය දකුණු හා බස්නාහිර පළාත් හි ක්‍රියාත්මක වන බවත් 1990 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් නොමිලේ සේවය ලබා ගත හැකි බවත් රජය කියයි.

රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන,ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම සේවය මෙරටට ලබා ගැනීමට සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here