Friday, January 17, 2025

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක් මෙරටට එයි

නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීමට චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු සඳහන් කරන්නේ අදාළ ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි.

ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වුවද නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ මැයි මාසය දක්වා ගල්අඟුරු තොග ප්‍රමාණවත්ව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles