Tuesday, September 24, 2024

නොවැම්බරයේ සිට ස්මාට්ෆෝන් කිහිපයකට වට්ස්ඇප් මගහැරෙයි

පසුගිය මාසයේ දී වට්ස්ඇප් යෙදවුමේ හදිසි වෙනසක් සිදුකර තිබෙනවා.

වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43ක් සඳහා ක්‍රියාකාරිත්වය අත්හිටුවන බවටයි ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව පුරා වැඩිම පිරිසක් භාවිත කරන වට්ස්ඇප් යෙදවුම, පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, නොවැම්බර් මස 01 වැනිදා සිට ස්මාර්ට් දුරකතන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබානොදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම මෙය පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලපානු ඇති.

මේ වන විට වට්ස්ඇප් යෙදවුම ෆේස්බුක් සමාගම යටතේයි පවතින්නේ.

ෆේස්බුක් ආයතනය පැවසුවේ එහි පරිශීලකයින් සඳහා ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මේ අතර, වට්ස්ඇප් ක්‍රියාත්මක වීම වළක්වන්නට තීරණය කර ඇති මාදිලි කිහිපයක ලැයිස්තුවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින් බලන්න…

ෆේස්බුක් ආයතනය පැවසුවේ එහි පරිශීලකයින් සඳහා ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ෆෝන් ලැයිස්තුව මෙන්න

  • Apple : iPhone SE, 6S සහ 6S Plus
  • Samsung : Galaxy Trend II, Galaxy SII, Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Ace 2, Galaxy Xcover 2, සහ Galaxy Core
  • LG : LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact , Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q
  • ZTE : ZTE Grand S Flex, ZTE V956, Grand Memo සහ Grand X Quad V987
  • Huawei : Huawei Ascend G740, Ascend D1 Quad XL, Ascend P1 S, Ascend Mate, Ascend D Quad XL, සහ Ascend D2
  • Sony : Sony Xperia Neo L, Sony Xperia Miro, සහ Xperia Arc S
  • වෙනත් : Lenovo A820, HTC Desire 500, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, Faea F1, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, UMi X2, සහ THL W8

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles