නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව කැලි කසළ වලට බදු අය කිරීමට සැරසේ

0
267

2022 වසරේ සිට තම ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව NORWOOD ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පවසනවා.

ඔහු සඳහන් කලේ 2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමනාකරණ පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවයි.

එම නිසා 2022 වසරේ සිට තම බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් බැහැර කරන කැලි කසළ සදහා කිලෝවට රු 3 සිට 5 දක්වා මුදලක් අය කරනු ලබන බව ඔහු පවසනවා.

සැම වෙලදසැලකින්ම තම ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් වෙත ලබාදෙන කැලි කසල කිරා ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතු බවත්, එම මුදල මාසිකව තම ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු බව සභාපතිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here