ශ්රී ලංකා නිදහස් පක්ෂය කඩා විනාශ කරන්නට උත්සහ කරන ශ්රීලනිප යේ සියලුම ආසන සංවිධායකයන්ගේ තනතුරු අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් , ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
නව සංවිධායක තනතුරු සඳහා දැනටමත් අයදුම්පත් 5000ක් ලැබී ඇති බවත් පෙන්වාදෙන මහ ලේකම් වරයා පක්ෂය කඩා බිඳ නොදමන පක්ෂයට ලැදි මෙන්ම ඉහළම සුදුසුකම් සපයා ඇති අය ඒ සඳහා පත්කෙරෙනු ඇතැයි ද පවසයි.
පක්ෂයට හානි කරන ශ්රීලනිපයේ සංවිධායකයන් පිළිබඳව වාර්තාවක් මේ සතියේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට භාරදෙන බවද පවසන මහ ලේකම්වරයා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත නව ආසන සංවිධායකයන් සඳහා කඩිනමින් සම්මුඛ පරීක්ෂණ බවත්වන බවද අවධාරණය කරයි.
පක්ෂය දෙකඩ කර විනාශ කරන අය දෙස බලා හිඳීමෙන් පක්ෂයට වන්නේ විශාල විනාශයක් බවත් මේ අයට තරා තිරම නොබලා දඬුවම් හිමිවනු ඇති බවත් පවසන මහින්ද අමරවීර මහතා ශ්රීලනිපයේ දෙකඩ වී සිටින අය එකතු කිරීමට ගත් උත්සහය මේ වන විට ඵල රහිත වෙමින් පවත්න්නේ යැයි හැඟෙන්නේ යැයිද කියයි.
පක්ෂයේ වගකීම් දරන අය මෙසේ වගකීමකින් තොරව එක් එක් අයගේ පෞද්ගලික වාසි තකා වැඩ කරන්නේ නම් මෙයට හොඳම විසඳුම පක්ෂයට ආදරය කරන දක්ෂ උගත් පිරිසක් පක්ෂයේ තනතුරු සඳහා එක්කර ගැනීම බව පවසන අමරවීර මහතා ඉදිරියේදී පවත්වන පුංචි ඡන්දය මෙන්ම මහ මැතිවරණ සියල්ලම ශ්රී ලංකා නිදහස් පක්ෂයට ජය ගැනීම මේ තුළින් පහසු වන බවද පවසයි