Saturday, September 21, 2024

පක්ෂය සමගි කරන්න මහින්ද පෙරට

ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හවුල්කාර පක්ෂ අතර ඉකුත් බ්‍රහස්පතින්දා 28) රාත්‍රියේ පැවති පක්ෂ නායකයන්ගේ විශේෂ හමුව අගමැතිවරයාගේ මැදිහත්වීම මත සිදු වූවක් බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.

ආණ්ඩුව හා හවුල් පක්ෂ අතර ඇතිව තිබෙන ගැටුම විසදීම සඳහා මැදිහත් වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි .

අගමැතිවරයා ඊට මැදිහත්ව සිටින්නේ එම ඉල්ලීම් අනුව බවද දැනගන්නට තිබේ .

මේ අතර, මතුවන දේශපාලන ප්‍රශ්න සහ ආර්ථික කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආන්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවක් සෑම මසකම පැවැත්වීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ .

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර දේශපාලන මත ගැටුමක් මේ වන විට හටගෙන තිබේ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles