පක්ෂ පාට භේදයකින් තොරව ජනතා සේවයට කැපවෙන්න එන ඡන්දෙදි මං ජනතාව ඉස්සරහට එනවා

0
296

පක්ෂ, පාට බේදයකින් තොරව ජනතා සේවයට කැපවී කටයුතු කිරීම තම මූලික අරමුණ බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පවසනවා.

නාරාහේන්පිට ප්‍රදේශයේදී නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයේ මූලික දැක්ම වන්නේද අභියෝග වලින් රට ගොඩනැඟිම බවයි.

ඊලඟ මැතිවරණයේ දී ජනතාව වෙත පැමිණෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා අද පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ නාරාහේන්පිට දී නව නිවාස ජනතා අයිතියට පත්කිරීමේ සහ නිවාස කීපයකට මුල්ගල තැබීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පොදුජන පක්ෂය හැදුවේ බොහෝ වෙහෙස වී බවත්, කවුරු කොහේ ගියත් තමන් මෙම පක්ෂය දමා නොයන බවත් පැවසූ සභාපති දුමින්ද සිල්වා මෙසේ ද කීවේය.

“ අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ. ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ. “

“ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ. මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.“

“අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ. “

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට ලක්ව සිටි දුමින්ද සිල්වා ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් වීමෙන් අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වීම ලැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here