පක්ෂ රැසක් එකතු වී සංවිධානයක් පිහිටුවයි

0
446

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන ‘නව ලංකා නිදහස් පක්ෂය’ සහ ප්‍රමුඛ ආණ්ඩු විරෝධී පක්‍ෂ අටක් ‘අපි ශ්‍රී ලංකා’ ලෙස සංවිධානයක් පිහිටුවා තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ යන පක්ෂ එකතු වීමෙන් මෙම සංවිධානය පිහිටුවා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් මේ සඳහා සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here