පකිස්තානයේ ආයෝජනයට චීන ආයෝජකයන්ගේ නොසතුට

0
343

පකිස්තානයේ ආයෝජන කිරීම සම්බන්ධයෙන් චීන ආයෝජකයන් දැඩි කලකිරීමට සහ නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ වන චීන පකිස්තාන ආර්ථික කොරිඩෝවේ ආයෝජන සිදුකළ ආයෝජකයන් ද දැඩි කලකිරීමට පත්ව සිටින බවයි.

පකිස්තානය විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන මන්දගාමී ප්‍රතිපත්තිය මීට හේතුවී තිබේ.

ගැටලු විසදීමට අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයත් කමිටුවක් ස්ථාපිත කර තීරණ ගනු ලැබුවත් පකිස්තාන බලධාරීන් අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමට නිසි උනන්දුවක් නොදක්වන බව චීන ආයෝජකයන්ගේ අදහස වී තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී පකිස්තානයේ චීන ආයෝජන සම්බන්ධ පැවැත්ම අර්බුදකාරි විය හැකි බව එරට වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here