පකිස්තානයේ එන්නත්කරණය කණ්ඩායමකට ප්‍රහාරයක්

0
366

පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ තාල්බෙහාසාදි ප්‍රදේශයේ දී පෝලියෝ එන්නත්කරණය කණ්ඩායමක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී, එන්නත්කරණ කණ්ඩායමෙි ආරක්ෂක කටයුතු සදහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එන්නත්කරණය කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ප්‍රහාරයත් සමග පැනගොස් දිවි ගලවාගෙන ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

2012 සි⁣⁣ට මේ දක්වා අවස්ථා ගණනාවකදී පෝලියෝ එන්නත්කරණය කණ්ඩායම් වෙත පකිස්තානයේ ප්‍රදේශ ගණනාවකදී මෙවන් ප්‍රහාර එල්ල වී ඇති අතර එහිදී සෞඛ්‍ය සේවකයන් 40 ක් සහ පොලිස් නිලධාරින් 16 දෙනෙකු මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here