පකිස්තාන ඇෆ්ගනිස්තානය දේශසීමාවෙි ත්‍රස්ත ප්‍රහාරවල වැඩිවීමක්.

0
365

පකිස්තානයේ කයිබර්පක්තුන්කවා ප්‍රදේශය ආශ්‍රිතව ඇෆ්ගනිස්තාන දේශසීමාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ, පසුගිය දින දෙක තුල දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශවලදී එල්ල වූ ප්‍රහාරවලින් පකිස්තාන හමුදා සාමාජිකයන් අටදෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

මුර සංචාරයේ නිරත භට කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here