පාකිස්තානය අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගනී

0
283

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ නැමීබියාවට එරෙහිව අබුඩාබි හිදී පැවති තරගය ලකුණු 45කින් ජය ගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානයට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ගොඩනඟා ගැනීමට සමත් වුණා.

නායක බාබර් අසාම් ලකුණු 70ක් රැස් කළ අතර මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් රැස් කර ගත්තා.

පකිස්ථානය නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් දෙවැනියට රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නැමීබියාවට නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here