Thursday, December 26, 2024

පදනමි විරහිතව කළ ප්‍රකාශය නිසා SLT ආයතනය නානායක්කාරට එරෙහිව නඩු පවරයි

සමගි ජන බලවේගයෙහි පාර්ලිමේන්තු මන්දා මනූෂ නානායක්කාර මහතාට එරෙහිව රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගම ඊයේ දින කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ටෙලිකොම් සමාගම සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා විසින් තම සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තිනාමයට හානි කිරීම සඳහා පදනම් විරහිත ප්‍රකාශයක් කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ඉකුත් සැප්තැම්බර් මස 03 වන දින දී දත්ත අතතුරුදන් වීමට ලක්වූ ජාතික ඖෂධ සහ නියාමන අධිකාරියේ (NMRA) දත්ත ගබඩා කිරීමේ වගකීම SLT සමාගම විසින් දැරූ බවට මනූෂ නානායක්කාර මහතා විසින් පවසා සිටි අතර එහිදී SLT සමාගම සහ SLT සමාගමේ සභාපතිවරයා විසින් හිතාමතාම යටි අරමුණු සහිතව NMRA හි අත්‍යවශ්‍ය දත්ත අතුරුදහන් කෙරූ බවට ද චෝදනා එල්ල කරන ලදී.

ඒ අනුව, SLT සමාගම විසින් පවසා සිටින්නේ මනූෂ නානායක්කාර මහතා විසින් සමාගමට එරෙහිව නීතිවිරෝධීව සහ SLT සමාගමේ නීත්‍යානුකූල අයිතීන්ට පටහැනිව ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම එම ප්‍රකාශයන් සත්‍යවාදී බව, මහජන ප්‍රතිලාභ හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද මත පදනම්ව තහවුරු කරගැනීමට ඔහු අසමත් වී ඇති බවටත් සමාගම විසින් සිය මාධ්‍ය නිවේදනය හමුවේ කරුණු දක්වා තිබේ.

මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට පෙර SLT සමාගම විසින් මනූෂ නානායක්කාර මහතා වෙත ලිපි දෙකක් ද යවා ඔහු විසින් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහුගේ විද්‍යුත් මාධ්‍ය අඩවි තුළ පළ කළ ප්‍රකාශයන් ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලීම් කර ඇති අතර අතර එම වකවානුව වන විට NMRA දත්ත ගබඩා කිරීමේ වගකීම SLT සමාගම සතුව නොතිබූ බවත් එය වෙනත් සමාගමක් සතුව තිබු බවටත් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැටලුව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම දෙපාර්තමේන්තුව විසින් මනූෂ නානායක්කාර මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් ද ලබාගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles