පන්සලේ සිටි නිවසට එමින් සිටි 52 හැවිරිදි කාන්තාවක් දූෂණය කරයි

0
331

පසුගිය (18) උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී බුද්ධම රජ මහා විහාරයේ සිල් සමාදන්වී නිවසට එමින් සිටි 52 හැවිරිදි සිව්දරු මවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 34 හැවිරිදි දෙදරු පියෙකු ගොවිඳුපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට ලක්වූ එම කාන්තාව සිය මිණිපිරිය සමඟ විහාරස්ථානයේ සිට නිවසට එමින් සිටියදී අතරමඟ රැක සිටි පුද්ගලයෙකු කාන්තාව ළඳු කැළෑවකට ඇදගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බව ඇය පොලීසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද (20) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here