පර්ල් එක්ස්ප්‍රස් ගින්න පෘථිවියට විනාශයක් – එ.ජා. නේවාසික නියෝජිතවරිය

0
682

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදේ ගිලුණු රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාව හේතුවෙන් “පෘථිවියට සුවිසල් හානියක්” සිදුවී ඇතිබව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතවරිය පවසයි.එම නැවෙන් පරිසර පද්ධතියට සැලකිය යුතු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසර පද්ධතියට එක්වීම හේතුවෙන් එසේ සිදුව ඇති බව ඇය පැවසීය.

සිංගප්පුරු ධජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය වෙත එමින් තිබියදී එහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් මැයි 20 2වනදා ගිනි ගැනීමකට ලක්විණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුව ඇති හානිය නීර්ණය කිරීමටත් වන්දි ලබා ගැනීමට සහ ඉදිරියට එවැන්නක් සිදුනොවීමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකාව ට ලබාදෙන බවය.

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය වන හානා සිංග-හම්දී පවසන්නේ, “මේ හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපයේ ජීවත්වන ජනතාවගේ ජීවිතවලට සහ අදායම් මාර්ග සඳහා” බලපෑම් ඇති කර ඇති බවය.යුරෝපීය සංගමයේ සහයෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවීම් සහ රසායනික ද්‍රව්‍ය ගැන විශේෂඥ දැනුම සහිත එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.මේ වනවිට නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමෙන් ඩොලර් මිලියන 40ක අතුරු හිමිකම් වන්දියක් ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ. ඒ ගින්න පාලනය සඳහා වැයවූ වියදමේ කොටසක් පියවා ගැනීමට බව මෙරට බලධාරීන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here