පර්ල් එක්ස්ප්‍රස් නිසා මුහුද අනාථයි

0
343

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ පරිසර හානිය හේතුවෙන් කැස්බෑවුන් 417 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 48 ක් සහ තල්මසුන් 08 දෙනෙකු මියගොස් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (30) අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් කියා සිටියේ නෞකාවේ ගින්න හේතුවෙන් විෂ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන, මුහුදු ජලයට මුසුවී ඇතැයි ද රජයේ රස පරීක්ෂක වාර්තාවලින් අනාවරණ වී ඇති බවයි.

අදාළ නඩුව ලබන 18 වනදා යළි කැඳවීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here