Friday, September 20, 2024

පරිපාලන සේවයේ රැඩිකල් වෙනසකට සිංගප්පූරුවේ සහාය..

ශ්‍රීලංකාවේ පරිපාලන සේවය වඩාත් කීර්තිමත් තලයකට ගෙන ඒම සඳහා වූ රැඩිකල් වෙනස්කම් සිදු කිරීමේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සහය අපේක්ෂා කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස අද(19)පෙරවරුවේ සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ නිරීක්ෂදණ චාරිකාවක යෙදුණු අතර, එහිදී සිවිල් සේවා විද්‍යාලයීය ඉහළ නිලධාරීන් සමග පරිපාලන සේවාව ඉහළට ඔසවා තැබීමේ අවශ්‍යතා පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය අතර දැනට ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් අනාගතයේ දී පුළුල් කරලීම පිළිබඳවත්,ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනය සහ සිවිල් සේවා විද්‍යාලය අතර සබඳතා ශක්තිමත් කරලීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

අවංකත්වය, සේවා ගරුත්වය සහ විශිෂ්ටත්වය සිය මූලික අගයයන් සේ සලකන සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය පසුගිය වසරේ දේශීය නිලධාරීන් 37,000 කට අධික සංඛ්‍යාවකට ද, විදේශීය නිලධාරීන් 3,000 කට අධික සංඛ්‍යාවකට ද පුහුණුව ලබා දී ඇති බව විද්‍යාලයීය පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඔං ටූන් හුයි මහත්මිය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles