Tuesday, September 24, 2024

පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් චීනය පසුබෑමක.

චීනයට සිය පරිසර ආරක්ෂණ ඉලක්ක සපුරා ගැනීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බව එරට කැබිනට් මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාව සදහන් කර තිබේ.

එහි සාකච්ඡා උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කර ඇත්තේ මෑතකදී චීනය විසින් දියත් කර ඇති පරිසර ආරක්ෂණ වැඩපිලිවෙළ හේතුවෙන් එරට තුළ මෙම ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් හටගෙන ඇති බවයි.

එහෙත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඉදිරියේදී පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවනු ඇති බවත් එරට මන්ත්‍රණ සභාවේ අදහස වී තිබේ.

චීනයේ කාබෝන් විමෝචනය 2030 වර්ෂයේදිී උපරිමයට ලගාවීමට නියමිත අතර එය 2060 ශුන්‍ය තත්වයට ලගා කර ගැනීම තම අපේක්ෂාව බව චීනය සදහන් කරයි.

මේ වනවිට ලෝකයේ වැඩිම හරිතාගාර වායු විමෝචකයා වන්නේ ද චීනයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles