Friday, September 20, 2024

පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟේ වැලි හැරීමට අවසර දීලා – පරිසරවෙිදී රවීන්ද්‍ර කාරියවසම්

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී ඇතැයි වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සමිබන්ධීකරක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම් බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වී ඇතැයි රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරනවා.

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම් සඳහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතයි.

භූ විද්‍යා පතල් කාර්යාංශය විසින් මහා පරිමාණ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සඳහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදී තාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවලියක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සමිබන්ධීකරක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා පතල් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලප්‍රතය ලබාදීම භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමෙිදී ස්වභාවික ලෙස නිරීමාණය වු ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම ස්වභාවික පාරිසරික සංවේදී කලාපයක්ද වේ.

2021/57/B අංකයෙන් නිකුත් වූ 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කළ වාර්ථාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන් හානි පැමිණ ඇත.

එමෙන්ම ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවද වාර්තා වෙයි.

රවින්ද්‍ර කාරියවසම් ,ජාතික සමිබන්ධීකරක ,පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles