පරිස්සමින්… හෙණ ගහයි…!

0
336
Lightning, Tornado Alley, USA

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ නිවෙසේ වටිනා විදුලි උපකරණ වල පේනුව ගලවා යම් උසකින් තබන ලෙසත් මහජනතාවට මතක් කර සිටියි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here