පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙන්නේ කාබනික පොහොර සමඟ රසායනික පොහොර භාවිතය – කෘෂි නිලධාරියෙක්

0
265

මුලුමනින්ම කාබනික පොහොර භාවිතය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කර නොමැති බව කෘෂිකර්ම නිලධාරියෙක් පවසනවා. ලුණුගම්වෙහෙර දකුණ ඉවුරේ ගොවීන්ගේ කන්න රැස්වීම සඳහා සහභාගී වූ කෘෂි නිලධාරියෙකු “කන්න රැස්වීම” අතරතුර මේ බව සඳහන් කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙන්නේ පරීක්ෂණ ගණනාවක් සිදු කර තිබෙන බවත් මුලුමනින්ම කාබනික පොහොර භාවිතය සඳහා නිර්දේශයක් කර නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ මඟින් ඔප්පු කර ඇත්තේ කාබනික පොහොර සමඟ රසායනික පොහොර භාවිතා කිරීමෙන් අස්වැන්න වැඩි වීම පිළිබඳව බවයි අදාළ කෘෂිකර්ම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here