Wednesday, December 25, 2024

පරීක්ෂණ අඩුකරලා වසංගතයක් වහන්න බෑ

පී සී ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සංඛ්‍යාව විද්‍යාත්මක පදනමක් ඇතිව වැඩිකළහොත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද සහ ඒ ආශ්‍රිත ගැටලු හදුනාගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතායි මේ බව කියා සිටියේ.

සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව අඩුකරමින් වසංගතයක් වසා දැමිය නොහැකි බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් හංසමාල් වීරසූරිය මහතා පෙන්වා දුන්නේ.

එන්නත්කරණය අවසන් වූ සැනින් කොවිඩ් වසංගතය අවම වනු ඇතැයි අපේක්ෂාකල නොහැකි බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙරට ජනගහනයෙන් සියයට 70කට වඩා ප්‍රතිශතයකට එන්නත්කරණය සිදුකර ගැනීමට හැකි වුවහොත් වසංගතය යම්තාක් දුරට පාලනය කරගැනීමට හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles