පලිබෝධනාශක ආනයන තහනමත් රිවස් ?

0
312

රජය විසින් රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අවධානය යොමු වී තිබේ.

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරුදායක වර්ගීකරණය අනුව තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත් ව ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව සංස්ථාව හෝ දේශීය නියෝජිත සමාගම් විසින් එම කෘෂි රසායන ආනයනය කර සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පත්කරන ලද නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට යෝජනා වී ඇත.

මෙමගින් අපේක්ෂා කරන්නේ වී වගාව, බඩඉරිඟු වගාව, අර්තාපල් වගාවේ ඇතිවන රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පළිබෝධනාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here