Wednesday, January 8, 2025

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැනීම් කිරීම සඳහා හෙට සිට එකම තැනින්

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැනීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ගත හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි.

ඒ සඳහා දිවයින පුරා පිහිටි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යාල වලින් මෙම සේවාවන් ලබා ගත හැකිවේ.

එහි සභාපති අනුර වල්පොල කියා සිටින්නේ ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ,අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ගත හැකි බවයි.

දිවයින පුරා පිහිටා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යාලවලින් ඒ සඳහා සේවාවන් ලබා ගත හැකි වනවා.

කෙසේ උවද මීට පෙර පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනිමට යාමේදි ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ අතර ගල්, වැලි, හා පස් වැනි භූ සම්පත් සංවර්ධන කාර්යන් සඳහා යොදා ගැනීමේදී මතුවන ගැටලු සොයා බැලීම සඳහා පසුගියදා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කෙරුණා.

මේ අතර ගල්කොරි සඳහා වසර 03 ක කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා වැඩි දිරටත් කියා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles