පසුගිය දෙදින තුළ සත්වෝද්‍යානවලින් වාර්තාගත ආදායමක්

0
277

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සත්වොද්‍යාන තුනක සහ සෆාරි උද්‍යානයෙන් පසුගිය දෙදින තුළ රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය ආදායමයක් ලබා ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසනවා.

මෙම ආදායම ලැබී ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්ව උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානයෙන්.

ඉකුත් 25 වැනි දින නරඹන්නන් 12,807ක් ද 26 වැනි දින නරඹන්නන් 18,358 ද මෙම උද්‍යාන වෙත පැමිණ ඇති බව ඇය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here