“පසුගිය පාලනයේ වංචා සිදුව ඇත්නම් එදා කැබිනට් අමාත්‍යවරු අත්අඩංගුවට ගත යුතුයි”

0
715

පසුගිය පාලන සමයේ මහ බැංකුව තුළ වංචා සිදුව ඇත්නම් එම කාලය තුළ කැබිනට් අමාත්‍යධුර දැරූ සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙම ජන රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ මත්පැන් අලෙවිසැල් සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අහෝසි කිරීමට තීරණය කිරීම ඒකාබද්ධ විපක්‍ෂය ලැබූ ජයග්‍රහණයක් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here