මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් සිවිල් පුරවැසියන් ගණනාවක්ම ඉකුත් පාලන සමයේදී සුදු වෑන්වලින් ඉස්සුවා. ඔවුන්ගේ මෘතදේහය අදටත් නැහැ. ඒ නිසා පවුලේ සාමාජිකයින්ට මරණ සහතිකයක් නැහැ. ඔවුන්ගේ පවුලේ අයට මේ නොදුටු සහතිකය මඟින් නැතිවී ගිය අයිතිවාසිකම් ලබාගන්න පුළුවන් යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගියදා රුපියල් ලක්ෂ 15,000 ක වියදමකින් යුතුව ඉදිකරන පොළොන්නරුව දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය සඳහා මංගල ශිලාස්ථම්භය ප්‍රතිශ්ඨාපනය කිරීමේ උත්සව සභාව අමතමිනි.
ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවතුණු මෙම ගොඩනැගිල්ල, වඩාත් පහසුකම් සහිතව රජයේ සියලු කාර්යාල ඒකාබද්ධව මහජන සේවයට සරිලන පරිපාලන සංකීර්ණයක් බවට පත් කිරීම වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණය ඉදිකිරිමේ අරමුණයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික පනත් කෙටුම්පත ඉකුත්දා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ඒ පිළිබඳවත් විවිධ වැරදි අර්ථකථන දෙනවා අපි දකිනවා. මරණ ආඥාපනත 1951 දී ඉදිරිපත් කළේ. ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කළා 2010 දී.නොදුටු සහතික පනත අපි පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. දැන් අපේ නිලධාරීන්ට නොදුටු සහතික ලබාදීමේ අවස්ථාවත් හිමිවෙනවා. උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ ඕනෑම ස්ථානයක යම් කෙනෙකුට එම අයිතිවාසිකම හිමිවෙනවා. මරණ සහතිකයක් නැති නිසා මූලික අයිතිවාසිකම් අහිමි වූ ශ්‍රී ලංකික විශාල පිරිසක් සිටිනවා. මේ පනත හරහා ඔවුන්ගේ එම අයිතිවාසිකම් ඉටු කර ගැනීමට හැකි වෙනවා. නොදුටු සහතික නිකුත් කළ පසු අතුරුදන්වූවන්ගේ යැපෙන්නන්ට විවිධ අයිතිවාසිකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වෙනවා.
යම් අයකු අතුරුදන් වී හෝ ආගිය අතක් නැත්නම් හෝ ජීවත්ව සිටින බවට පෙනෙන්නට නොමැති අවස්ථාවක හෝ අතුරුදන්වූවන් නිශ්චිත වශයෙන්ම මියගිය බවට සාක්ෂි මඟින් ඔප්පු වී නොමැති නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් මරණ සහතිකයක් ලියාපදිංචි කිරීමට නීති ප්‍රතිපාදන මේ වනවිට නැහැ. මෙවැනි අවස්ථාවක මරණ සහිතිකයක් ලබාගන්නට ඥාතීන් ද මැළිකමක් දක්වනවා. ඒ නිසා ඊට පිළියමක් වශයෙන් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දක්නට නොමැති බවට සහතිකයක් නිකුත් කිරීමේ නීති ප්‍රතිපාදන සැලසීම යෝග්‍ය වෙනවා. අද මේ පනත මඟින් ඒ සඳහා වන සංශෝධන ඉදිරිපත් කරනවා.” යැයි කීය.
මේ අවස්ථාව සඳහා වයඹ සංවර්ධනය, අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.