පසුගිය වසර තුළ රුපියල් බිලියන 1,400ක මුදලක් මුද්‍රණය කරලා – අලුත් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

0
312

පසුගිය වසර තුළ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

“අද දෙරණ” අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එය වර්ෂයක් තුළ නිකුත් කරනු ලැබූ විශාලතම මුදල් ප්‍රමාණය වන අතර එම තත්ත්වයට හේතු වූ කරුණු පිළිබඳව අනිල් පෙරේරා මහතා මෙසේ පැහැදිලි කළේය.

“අපි පහුගිය කාලයේ රජයට අපේ භාණ්ඩාගාරික බිල්පත් අරගෙන ප්‍රාථමික වෙළෙඳපොළෙන් අපි මහබැංකුව නිකුත් කරලා තියෙනවා මුදල් රුපියල් බිලියන 1,400ක් විතර. ඒක ඉතින් රහසක් නෙමෙයි.”

ප්‍රශ්නය – ඉතිහාසයේ කවරදා මේ තරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා නැද්ද ?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“ඒ වගේ මුදලක් අච්චු ගහලා නෑ. මේ තත්ත්වය මුළු ලෝකයේ ම වෙලා තියෙනවා. මේ කාලය තුළ දී ලංකාව තුළ පමණක්ම ට්‍රෙෂරි බිල් හෝල්ඩින්ස් වැඩි වුණ තත්ත්වයක්ම නෙමෙයි මේ තියෙන්නේ. අමෙරිකාව ඇතුළු සෑම රටකම වගේ මේ වගේ වැඩිපුර මුදලක් මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙන්නේ, ඒ කාලය තුළ දී මේ තිබුණ පීඩනය ජනතාවට ප්‍රේෂණය නොකර එය දරා ගැනීමට තමයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක කෙරුවේ නැත්නම් ‍ඊට වඩා ලොකු පීඩනයකට අපිට මුහුණදෙන්න සිද්ධවෙනවා.”

පසුගිය වසර තුළ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

“අද දෙරණ” අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

“ඔබට පැහැදිලිව පේන්න ඇති අපි මේ කරන තාක්ෂණික ක්‍රියාවලිය. අපි ඒ තාක්ෂණය නොකෙරුවා නම් තමා ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා ඔබතුමා කියන ඒ රිස්ක් එක තියෙනවා. ඒක නැතුව නෙමෙයි. ඒ රිස්ක් එක දැන දැනම සමහර වෙලාවට ඒක කරන්න සිදුවෙනවා. ශල්‍යකර්මයක් සමහර වෙලාවට කරන්න වෙනවා ලෙඩාව බේරගන්න. අපි මේ වෙලාවේ දී යම් වැඩිපුර මුදලක් නිකුත් කරලා තිබුණත් ඊළඟ මාස කිහිපය තුළ දී අලුත් මුදල් රටට ගලා ඒමට පටන් ගනිද්දි අපි දැනටමත් රුපියල් බිලියන 500ක් ප්ලෑන් කරලා තියෙනවා ඒක නැවත වරක් අඩුකර ගැනීමට ඔබතුමා ඔය කියන අච්චු ගහලා තියෙන සල්ලි ටික. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ දී ෆේස්බුක් එකෙන් විතරක් බලලා කලබල වෙන්න එපා කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here