Saturday, November 16, 2024

පහන්තුඩාවෙි ගොස් ඇත්තේ රෑපලාවන්‍ය ශිල්පිනියක්

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක අසභ්‍ය වීඩියෝවක් සඳහා රූගත කිරීමකට යොදාගත් යුවළ සම්බන්ධ සිදුකළ පොලිස් විමර්ශන අනුව සිද්ධියට සම්බන්ධ කාන්තාව හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක වන අතර ඇය සමග සම්බන්ධවූ පිරිමි පුද්ගලයාත් ඇයත් මෙවැනි වීඩියෝ කිහිපයක්ම මීට පෙරත් නිෂ්පාදනය කර තිබෙන බව අනාවරණය වී තිබේ. ඔවුනගේ අරමුණවී තිබෙන්නේ ඇමරිකානු අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවි කිහිපයක් සඳහා අදාළ වීඩියෝ ක්ලිප් නිෂ්පාදනය කර උඩුගත කිරීමය. මෙවැනි උඩුගත කිරීම්වලට එකී වෙබ් අඩවි ඔවුනට මුදල් ගෙවන අතර එලෙස ගෙවන්නේ වීඩියෝවට ලැබෙන නැරඹුම් වාර ගණන අනුවය. ඒ නිසා මෙම විඩියෝ ක්ලිප් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළද යම්
‘ඇවිස්සීමක්‘ ඇති කිරීමට ඔවුන් උනන්දුවී ඇති අතර එලෙස ප්‍රසිද්ධ කිරීම මගින් වැඩි නැරඹුම් ලබාගැනීම අරමුණවී ඇතැයි සඳහන්ය.
මේ ආකාරයේ වීඩියෝ ගණනාවක්ම මෙකී යුවළ විසින් මින් ඉහතත් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර එකක් මීමුරේ පදනම් කරගෙන රූගත කර තිබුණි. නමුත් වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ පහන්තුඩාව වීඩියෝවටය.

මේවාට ප්‍රවර්ධන වීඩියෝ කොටස් උඩුගත කිරීමට යොදාගෙන ඇත්තේ මෙකී කාන්තාවට අයත් ගිණුමකින් වන අතර ඇය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සොයාගන්නට එම සම්බන්ධයද උපකාරයක්වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles