Monday, September 23, 2024

පහන්තුඩා අසභ්‍ය වීඩියෝවේ යුවලට දඩ සහ සිර දඬුවම්

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය.

මෙලෙස අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම වූයේ, ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක සහ මහරගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සිද්ධියට අදාළව ඉකුත් සැප්තැම්බර් මස 03 වැනිදා අත්අඩංගුවට ගත් මෙම යුවළ අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැරි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් දෙදෙනා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් සැකකරුවන්ට දඩ සහ අත්හිටපු සිරදඩුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැමණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.

බලන්ගොඩ බොලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසල තරුණ යුවළක් නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන මෙම රූප පෙළ සහ වීඩියෝ පටය ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව පොදු ස්ථානවල සිදුකරන අශ්ලීල ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර අදාළ පුද්ගලයන්ට දඩුවම් ලබා දෙන ලෙසට පැමිණීල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles