පළමු කාර්තුවේ අර්ථික වර්ධනය සියයට 5.5ක්

0
743

2016 වසරේ පළමු කාර්තුවේ අර්ථික වර්ධනය සියයට 5.5ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කර්මාන්ත සහ සේවා ආර්ථිකය මෙම කාර්තුවේදී කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති ක්‍ෂේත‍්‍ර වන අතර කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල ද සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇත.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව එළවළු වගා කිරීම, පොල් වගාවද ඇතුළත්, තෙල් සහිත පලතුරු භෝග වගාව හා සත්ව නිෂ්පාදන ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇති බවයි.

එහෙත් තේ වගාව, රබර් වගාව හා කරදිය මත්ස්‍ය කර්මාන්තයේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් ඇතැයි ද සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here