Saturday, January 11, 2025

පළාත් අතර සීමිත ධාවනය ඇරඹේ…

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා (14) දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටත්ව යන පුද්ගලයින් වෙනුවෙන් පළාත් අතර සීමිත බස් රථ ගණනක් ධාවනයට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද (12) මහනුවර ගඟවට කෝරලයේ එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවය.

“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා. උදාහරණයක ට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික. ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරි නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles