පළාත් පාලන නියෝජිතයන් ගැන මැතිවරණ කොමිසම කනස්සල්ලෙන්

0
265

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මැතිවරණ කොමිසන් සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ අවධානය යොමු කෙරුණේ.

ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මෙන්ම මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන් පිළිබඳවද ජනතාව අවිශ්වාසයෙන් පසුවන බව කොමිසන් සභාව සඳහන් කළා.

එවැනි ජනතා නියෝජිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ ජනතා අවශ්‍යතාව දේශපාලන පක්ෂ වෙත යොමු කිරිමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද කොමිසන් සභාව සඳහන් කළේය.

පසුගිය 13 වනදා සහතික කළ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධනවලට අනුව වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූ පුද්ගලයන් පරිපූරක ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව පුළුල් දැනුවත් කිරීමක් සිදු කළ යුතු බවද කොමිසන් සභාව තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here