Thursday, January 16, 2025

පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දැමීමට රජයේ ප්‍රධානීන්ගේ අවධානය..!

ලබන වසරේ පෙබරවාරි 10 වන දින වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය තවත් වසරකින් කල්දැමීම කෙරෙහි රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට අවසන් විය යුතුය ඇති අතර ඉන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතුය.

ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමට බල බල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින් පවතී.

එමෙන් ම, මේ වන විට නව සීමා නිර්ණය කමිටුවක් පත්කර තිබෙන නිසා එහි නිර්දේශයන් ලබාගෙන නව සීමා නිර්ණ යටතේ ඡන්දය පැවැත්විය යුතු බවට ද රජයේ අවධානය යොමු වී ඇත.
යම් හෙයකින් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම් දැනට පවතින සියයට 60:40 අනුපාත ක්‍රමය යටතේ එය පැවත්විය හැකි වුවත් ඒ සඳහා රජය එතරම් උනන්දුවක් නොදක්වන බව ද වාර්තා වේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන වසර දෙකකට ආසන්න කාලයක් නිසි ජනතා මෙහෙවරක් ඉටු කරන්නට ඉඩ නොලැබුණු බව ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන 258ට අයත් ප්‍රධානීන් ගණනාවක් රජයේ ප්‍රධානීන්ට මේ ගැන කරුණු දක්වා ඇතැයි ද වාර්තා වේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් නිසි ජනතා මෙහෙවරක් ඉටු කරන්නට ඉඩ නොලැබුණු බව ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගණනාවක් රජයේ ප්‍රධානීන්ට දක්වා ඇති කරුණුද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවද වාර්තා වේ.

පසුගිය දා පළාත් පාලන ප්‍රධානීන් කැඳවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදී ද මේ පිළිබඳ යම් ඉඟියක් අමාත්‍යවරයා විසින් පළකර තිබුණු බව ද වැඩිදුරටත් දැන ගන්නට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles