Saturday, January 11, 2025

පළාත් සංචරණ සීමා දිගු වෙයිද?

එළඹෙන 21 වනදායන් පසුව පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න ජනාධිපති සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකර මේ වන විට බොහෝ ලිහිල් ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

පවතින කොවිඩ් තත්වය  හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දියහැකි සියලු ලිහිල් භාවයන් ලබාදී ඇති බවත් එය අනවශ්‍ය බුරුලක් සේ සලකා කටයුතු කළොත් අකමැත්තෙන් වුවත් වෙනත් තීරණ ගැනීමට සිදුවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (18)  බදුල්ලේදී පැවසීය .

බදුල්ල මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එහිදි මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් මෙසේද පැවසීය .

“එළඹෙන 21 වනදායන් පස්සේ පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද කියන කාරණය පිළිබව ජනාධිපතිතුමා සමග සාකච්චාකර තීරණයක් ගන්නවා. රටේ ආර්ථිකය ගැන හිතලා ජනතාවගේ ආදායම් මාර්ග ගැන හිතලා මේ වන විට බොහෝ ලිහිල් අපි ලබාදි තිබෙනවා.

නමුත් ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් පවා නොතකා අන්තර්  පළාත් අතර සංචාර සිදුකරන බව  මාධ්‍ය තුළින් දැකගන්න ලැබුණා.  ඇල්ල ප්‍රදේශයේ මුව ආවරණ  පවා නැතිව සැරිසන අය මාධ්‍ය තුලින් දුටුවා .

කොවිඩ් අවාසනයයි සිතන්න එපා දැනටත් කොවිඩ් රෝගීන් පන්සීයක් හයසීයක් දෛනිකව හමුවන  තත්වයක් තියෙන්නේ. නමුත් අපි  විශාල වශයෙන් පාලනය කරලා අවුරුද්දෙන් පෙර තිබූ තත්වයට පත්වෙලා තිබෙන්නේ.

සෞඛ්‍ය  උපදෙස්පිළිපදින්නේ නැතිව ස්වයං විනයක් නැතිව අනවශ්‍ය විදියට සංචරන සිදුකළොත් අවුරුද්දෙන් පසු ඇතිවූ නරක තත්වයට යළිත් පත්වෙන්න පුළුවන් .

උද්ගෝෂණ පෙළපාලි යනාදි ජනයා  ඒක රාශිවීම් කොවිඩ් අවධානම වැඩි වීමට හේතුවෙනවා .

වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම ඒ අයගේ අයිතියක් නමුත් තම දරුවන්ගේ ජීවිත අවධානය ගැන සිතා කටයුතු කරන්න කියල මම ඉල්ලාසිටිනවා .

සියලු පාසල් විවෘත කිරීම හා විශ්ව විද්‍යාල විවෘත කිරිම  සෞඛ්‍ය අමාත්‍යංයට අදාළ කාරනයක් නොවෙයි ඒ පිළිබදව තීරණ ගතයුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාලප්‍රතිපාදන කොමිසමයි

එන්නත් කරණ ක්‍රියාවළිය පාසැල් විවෘත කිරීමට බාධාවක් නොවෙයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles