Saturday, September 21, 2024

පළාත් සභා අහෝසියි.විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට බලතල සහිත අගමැති පදවියක්..! : නව ව්‍යවස්ථාව පෙබරවාරියේ..!

ලබන මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික සැලසුමේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට බලතල සහිත අගමැති ධූරයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බව ඉරිදා දිවයින පුවත්පත වාර්තා කරනවා.

මෙම යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධඑහි සඳහන් වන ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් ඇති කිරීම සඳහා යෝජනා කර තිබෙන බවත්, එහි සඳහන් වන ආකාරයට මෙම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීමට නියමිත බවත් සඳහන් වෙි.

එම මූලික යෝජනාවලිය තුළ පළාත් සභා ක්‍රමය පිළිබඳ කිසිවක් අන්තර්ගත වී නොමැති බවත් මේ හේතුවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි වීමක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බවත් දිවයින පුවත්පත් වාර්තාවේ සඳහන් වෙි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක‍්‍රමය ඇතුළත් කර නැති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක‍්‍රමය ද අහෝසි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

පෙබරවාරි මස මුල් සතියේ දී මෙම කමිටුව සිය මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය සකසා අවසන් වූ පසු එය ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය. නව ව්‍යවස්ථාවේ මූලික රාමුවේ බොහෝ කරුණු සඳහා පොදු එකඟතාවක් පවතින හෙයින් පාර්ලිමේන්තුවේදී මෙයට අදාළව විවාද කළ යුත්තේ සියයට දහයක පමණ කොටසක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ප‍්‍රකාශ කරයි. ඒ අනුව මෙම වසරේදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

ඉන්දියානු උවමනාව මත ඇති කළ පළාත් සභා ක්‍රමයට ජනතාව අතර දැඩි විරෝධයක් පවතින අතර එය බෙදුම්වාදී බලවේග ශක්තිමත් කරන බවට ද චෝදනා නැඟෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles