පළාත් සභා නිකම් පරිප්පු නැති හෝටලේ වගේ – ඇමති රෝහිත

0
314

පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ නම් රජය එය සිදුකරන්නේ අනිවාර්යයෙන්ම කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමෙන් අනතුරුව බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

“පළාත් සභා ක්‍රමය අවශ්‍ය නෑ කියලා යම් යම් අය කියන්න ඇති. හැබැයි දැන් මේ පළාත් සභාවක් අහෝසි කරනවා නම් මුළු පළාත් සභාවමනෙ අහෝසි කරන්න ඕනෙ ? දැන් නැත්තෙ පළාත් සභා මන්ත්‍රීවරු ටික විතරයි. මහජන නියෝජිතයො නැතුව පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවට අවශ්‍ය කරන මහජන නියෝජිතයො නැතුව හරියට මම නම් දකින්නෙ පරිප්පු නැති හෝටලේ වගේ. 

පළාත් සභා මැතිවරණයක් තියනවා නම් අපි රජයක් හැටියට තියන්නෙ රටේ කොවිඩ් රෝගය සම්පූර්ණයෙන්ම නැතිවුණාට පස්සෙ” 

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here