පළිබෝධනාශක වර්ග කිහිපයක් ගෙන්වීමට ජනපතිගෙන් අවසර ඉල්ලයි

0
389

තෝරාගත් බෝග කිහිපයක් සඳහා පළිබෝධනාශක ගෙන්වීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව අල,ළූණු වැනි බෝග සඳහා සෑදෙන රෝග සඳහා මෙලෙස පළිබෝධනාශක හා දිලීර නාශකවලින් ඉතාම සුළු ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළා.

මෙි අතර කාබනික පොහොර හරහා වගා කටයුතු සිදුකරන ගොවීන් සහ භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් විශේෂ සමීක්‍ෂණයක් සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here