Saturday, September 21, 2024

පළිබෝධ නාශක තහනම ඉවත් කිරීම බොරුවක් – මන්ත්‍රීනී රෝහිණී කවිරත්න

තහනම ඉවත් කරමින් ගැසට් රිවස් කිරීම ගොවියා රවටන ප්‍රෝඩාවක් බවත්, මේ දක්වා කිසිදු කෘමි නාශකයක්, වල් නාශකයක්, දිලීර නාශකයක් රටට ගෙන්වීමට අවසර දී නැතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

කෘෂි රසායන ආයනය තහනම ඉවත් කරලා දැනට මාසයක් ගත වෙලා. තවම එකම කෘෂි රාසයනයක් වත් ගෙන්වන්නට නිල අවසරය ලැබිලා නෑ. පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනිවාර්ය නිවාඩු යවලා දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළා. වැඩ බලන රෙජිස්ට්‍රාර් තවම එකම කෘෂි රසායනයකට වත් අනුමැතිය දිලා නෑ. දැන් සියළුම ලිපි ගොනු තියෙන්නේ මහාචාර්ය ලේකම් ගේ මේසය උඩ.

දැන් ආනයනය සඳහා ඉදිරිපත් කරපු සියළුම ලේඛන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය ලේකම් ගේ මකර කටට වැටිලා. ඇස් දෙකක දැකපු නැති චීන අශුචි කන්දට ඩොලර් ලක්ෂ 67 ක්, (රුපියල් බිලියන 1.34) ක් ගෙව්වේ මේ කාබාසිනියා ලේකම් තමයි. ඉන්දියාවෙන් නැනෝ යූරියා 400% ක් වැඩි පුර ගෙවලා ගෙන්නුවෙත් මේ ලේකම් ම තමයි. ඉන්දීය බෝට්ටු තහනම් කෘෂි රසායන ගෙන්වන්න අවශ්‍ය පරිසරය හදන්න තහනම් කෘෂි රසායන වැටලීම් නැවැත්තුවෙත් මේ ලේකම් ම තමයි.

ගිය සතිය පුරාම කෘෂි රසායන ආනයන ඉල්ලුම්පත් ලේකම් ලඟ අනුමැතිය දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. හැබැයි, මෙයා ලංකාවේ මාළු ඔළු ටික, වැසිකිලිවලවල්ටිකට ඩොලමයිට් දාලා පුපුර කෑන් හදලා රට පුරා බෙදනවා. කුණු මාළු සුවඳට, අශුචි රසට බල්ලොයි, ඌරෝයි, කඹරයොයි දැන් කුඹුරු විනාශ කරනවා. කෘමි හානිය නැවැත්තුවොත් අස්වැන්නෙන් 30% ක් බේරෙනවා. ඒ බව දැන දැනම කෘමිනාශක ආනයනය නවත්වා වගා විනාශ වෙන්න ඉඩහරිනවා.

ආණ්ඩුව චීන අශුචි ගොඩට දක්වන ආදරේ රටට බත සපයන ගොවියාට දක්වන්නේ නෑ. මහ කන්නය වගා කළ ගොවියෝ පොහොර නැතිව – කෘෂි රසායන නැතිව අන්ත අසරණ වෙලා තියෙනවා. වගා කළ බිම වල්වලින් වැහිලා යනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. බටු මිරිස්, බඩ ඉරිඟු, ගොයම් ටික පනුවෝ, දළඹුවෝ, කෑඩෑවෝ, පිපියෝ අතින් විනාශ වෙනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. වැස්සත් එක්ක උඩරට, පහතර, මැද රට හැම තැනම දිලීර රෝග වලින් වගා විනාශ වෙනවා. මීදුමත් එක්ක තේ වගාව දිලීර රෝගවලින් විනාශ වෙනවා.

මේ හැමදේම වෙනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. නැනෝ පොහොරවලින් හොරකම් කළ රාජපක්ෂ ගැන මම පාර්ලිමේන්තුවේ කිව්වා. අශුචි නැවෙන් කොමිස් අරගෙන ඉවරයි. දැන් තවත් අශුචි නැවත් ඇනවුම් කරන්න යනවා. මේ කන්නයට ගොවියාට එකම කෘෂි රසායනයක්වත්, පොහොර මිටියක්වත් අලුතෙන් ගෙන්වන්නේ නෑ. ඊලඟ වගාවට ජනවාරි – පෙබරවාරි වගාවට අවශ්‍ය බඩු ගේන්නවත් කෘෂිකර්ම ලේකම් අවසරය දෙන්නේ නෑ යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

‘‘මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ ගබඩාවල තිබුණ යුරියා ටික බඩඉරිඟු ගොවියාට හරි වෙලාවට දුන්නේ නෑ. දැන් මුළු වගාවට කහ පාට වෙලා. ගොවිතැන දන්නේ නැති පොතේ ගුරාලා රටම කෘෂිකර්මය වනසනවා‘‘

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles