Sunday, September 8, 2024

ප්‍රන්ස චිත්‍රපට උළෙලට සියල්ල සූදානම්….

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රන්ස තානාපති කාර්යාලය එක් ව සංවිධාන කරන ප්‍රන්ස සිනෙමා උළෙලක් 2024 ජූලි මස 11, 18, 25 සහ අගෝස්තු මස 01 වැනි දිනවල දී එම විශ්වවිද්‍යාලයේ දී පැවත්වේ.

මහජනතාවට නොමිලේ  විවෘත චිත්‍රපට උළෙලක් වන මෙයින් ප්‍රන්ස සිනමාවේ නවමු ප්‍රවේශයන් මෙන් ම ප්‍රන්ස සංස්කෘතිය සහ ජන ජීවිතය  නිරූපණය වේ. 

ආරම්භක දිනයේ දී “De Gaulle” නම් වූ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර දෙවන ලෝක යුද සමය පාදක කර ගනිමින් මෙම සිනමා කෘතිය නිර්මාණය වී තිබේ.  Gabriel Le Bomin විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය තුළින් ප්‍රන්සයේ හිටපු ජනාධිපති චාල්ස් ඩි ගෝල් මුහුණ දුන් අභියෝයන් නිරූපණය වෙයි. හිට්ලර්ගේ නාසි හමුදාවන්ට එරෙහි ව ප්‍රන්සයට නායකත්වය දුන් චාල්ස් ඩි ගෝල්ගේ  නොපසුබට උත්සහය, අධිෂ්ඨානය, මෙන් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අභියෝගය මෙහි දී විදහා දක්වයි.

2024 ජූලි මස 18 වැනි දා Bigger Than Us චිත්‍රපටය ප්‍රදර්ශය කිරීමට නියමිත වන අතර එය 2020 වර්ෂයේදී එළිදක්වන ලද වූ වාර්තාමය චිත්‍රපටයකි.  පරිසරය ආරක්ෂා කිරීම සඳහා කැපවූ තරුණියක වටා මෙම කතා පුවත නිර්මාණය වී තිබේ. 

2022 වර්ෂයේදී තිරගත වූ Divertimento චිත්‍රපටය 2024 ජූලි මස 24වන දා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.  Marie Castille විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා කෘතිය  සංගීතාත්මක චිත්‍රපටයකි. 

2024 ‍ අගෝස්තු මස 01 වැනි දා Suprêmes නම් ප්‍රන්ස චිත්‍රපටය තිරගත වීමට නියමිත වන අතර රැප් සංගීතයට පෙම් කරන තරුණයන් දෙදෙනෙකු වටා එය නිර්මාණය වී ඇත. 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී  චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන දින හා වේලාවන් පහත පරිදි වේ.

De Gaulle – 2024.ජූලි 11 සවස 3.00ට

Bigger Than Us – 2024 ජූලි 18 සවස 3.00ට

Divertimento – 2024 ජූලි 25 සවස 3.00ට

Suprêmes – 2024 අගෝස්තු 01 සවස 3.00ට

Related Articles

Latest Articles