Tuesday, September 24, 2024

ප්‍රියන්තගේ ඝාතකයන්ට සියල්කොට් නීතිඥ සහාය නෑ

පාකිස්තානයේ සියල්කොට් හිදී ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ නඩුවේදී චූදිතයන් වෙනුවෙන් පෙනී නොසිටීමට සියල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණයක් ගෙන ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් 08 වැනිදා සියල්කොට්හි පැවති නීතිඥ සංගම් විධායක කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹ ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ බව එම නීතීඥ සංගමය ප්‍රකාශයට පත්කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වර්තා අනාවරණය කොට තිබේ.

එමෙන්ම රටේ නම කෙලෙසූ අපරාධකාරයන්ට දඩුවම් ලබා දීමට කැප වන බවද සියල්කොට් නීතීඥ සංගමය අවධාරණය කොට ඇත.

ප‍්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතිඥ සංගමය තීරණය කර ඇත.

ප‍්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සේවය කළ රාජ්කෝ කර්මාන්තශාලාවේ සේවකයින් 345ක් අත්අඩංගුවට ගෙන වෙනම ස්ථානවල රඳවා ඇති බව එරට මාධ්‍ය කියයි. මෙයින් 34ක් ත‍්‍රස්ත විරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගතකර තිබේ.

ප‍්‍රියන්ත කුමාර ඝාතනය වූයේ ඉකුත් 03 වැනිදා පෙරවරුවේ වන අතර පෙරේදා (8 දා) ගනේමුල්ලේදී ඔහුගේ අවසන් කටයුතු සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles