Thursday, January 16, 2025

ප්‍රංශයෙන් විකෘතිතා 46 ක් ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නව ප්‍රභේදයේ විකෘතිතා 46 ක් ඇති බවත් වේගයෙන් පැතිරයා හැකි බවට වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

IHU නමින් හඳුන්වා දී ඇති නව B.1.640.2 ප්‍රභේදය ආසාදනය වූ 12 දෙනෙකු මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශයේ වාර්තා වන බවත් විදෙස් මාධ්‍ය කියයි.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර පැවති කොරෝනා වයිරස් ප්‍රභේදවලට වඩා අඩු බරපතල රෝග ලක්ෂණ ඇති කරන බවට වැඩි සාක්ෂි මතුවෙමින් පවතින අතර රෝගීන් කෙටි කාලයක් තුළ සුවය ලබන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් දින 14 ක නිරෝධායනයක් නිර්දේශ කරයි.

අඩු ආසාදන ඇති රටවල දිගු නිරෝධායන කාලයක් මගින් ආසාදිත සිද්ධි සංඛ්‍යාව හැකිතාක් අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි.

පසුගිය සතියේ, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් කොවිඩ් ආසාදනයකින් පසු පුද්ගලයන්ට හුදකලා වීම සඳහා වන නිර්දේශය දින 10 සිට දින 5 දක්වා කෙටි කරන ලදී.

ලොවම සලිත කරමින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවේ තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීම සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවය.

එහිදී හඳුනාගත් පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් සිට පැමිණි අයෙක් බවට හඳුනාගෙන තිබේ.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවටත් වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles