Tuesday, September 24, 2024

ප්‍රංශ සැර බීම හල තුළ ගින්නෙන් 13ක් නසී

උතුරුදිග ප්‍රංශයේ සැර බීම හලක පැවති උපන්දින සාදයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගිය වැඩි දෙනා තරුණයන් බව අනාවරණය වී ඇති අතර, නොමන්ඩි පළාතේ, රොන් නගරයේ වූ කූබා ලිබ්රේ නමැති සැර බීම හල තුළදී මෙම ජීවිත හානිය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සාදයේ උපන්දින කේක් ගෙඩිය මත වූ ඉටි පන්දම් මෙම ගින්නට මූලික හේතුව බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම සැර බීම හලේ, බිම් මහලේ පැවති සාදය අතරතුර ඉටි පන්දම්වලින් ඇති වූ ගිනිදැල් එහි පොලිස්ටයිරින් සිවිලිම දක්වා වේගයෙන් පැතිර ගොස් ඇති බව ප්‍රංශ පුවත් සේවය කියයි.

මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවන භටයන් 50කට වැඩි පිරිසක් යොදාගත් බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව පවසන අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද කියයි.

සිද්ධියට මුහුණදුන් තරුණ පිරිස අවුරුදු 18 – 25ත් අතර වයසේ පසුවූවන් වන අතර, ගින්නෙන් ඇවිලුණු පොලිස්ටයිරින් සිවිලිමෙන් නිකුතු වූ විෂ සහිත ගෑස් ආග්‍රහණය වීමෙන් ඔවුන්ට එම ගොඩනැගිල්ලෙන් පිටතට ඒමට නොහැකි වී තිබේ. ඒ අනුව, මෙහි සිදුව ඇති මරණවලින් වැඩි ප්‍රමාණයක් හුස්ම හිරවීම නිසා සිදුවූ මරණය බවද රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා දක්වයි.

මෙම රොන් නගරය මීට සති දෙකකට පෙරද විදෙස් මාධ්‍ය තුළින් කතාබහට ලක්වූ නගරයක් වන අතර, කතෝලික පියතුමෙක්, ඉස්ලාමීය අන්තවාදීන්ගේ පිහි පහරින් ජීවිතක්ෂයට ලක්වූයේද රොන් නගරයේ දේවස්ථානයක් තුළදීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles